4/15/2017

Screaming Tunnel - Haunted Places In World


The Screaming Tunnel is a small limestone tunnel, running underneath what once was the Grand Trunk Railway lines (now the Canadian National Railways), located in the northwest corner of Niagara FallsOntarioCanada. The actual location of the attraction is just off Warner Road. Often thought to be a railway tunnel, it was actually constructed only as a drainage tunnel so that water can be removed from the farmlands. This water would go underneath the Grand Trunk Railway and down to the valley below. Farmers used this tunnel to transport goods and animals safely underneath the busy railroad above.
      The tunnel, constructed in the early 1800s, is 16 feet (4.9 m) in height and 125 feet (38 m) long.
     A local legend recounts that the tunnel is haunted by the ghost of a young girl, who after escaping a nearby burning farm building with her clothing ablaze, died within its walls. Several variants of the legend exist locally, one version has the girl set on fire by her enraged father after he loses custody of his children after a nasty divorce. Another tells of a young girl being raped inside the tunnel and her body burned to prevent any evidence from being found.

Watch  : www.youtube.com

ඇලුමිනියම් (Aluminium) - Chemical Element



ඇලුමිනියම් යනු සංකේතය Al ද පරමාණුක ක්‍රමාංකය 13 වූ ද බෝරෝන් කාණ්ඩයට අයත් රසායනික මූලද්‍රව්‍යයකි. එය රිදීවන් සුදු, මෘදු, තන්‍ය ලෝහයකි. ඇලුමිනියම් තෙවන බහුලතම මූලද්‍රව්‍යය (ඔක්සිජන් හා සිලිකන් වලින් පසු) වන අතර පෘථිවි කබොලෙහි බහුලතම ලෝහය ද වේ. එය පෘථිවියේ ඝන පෘෂ්ඨයෙහි ස්කන්ධයෙන් 8% ක් පමණ සපුරාලයි. ඇලුමිනියම් ලෝහය රසායනික ව ඉතා ප්‍රතික්‍රියාශීලී වන බැවින් පියවි නිදර්ශක උපරිම ඔක්සිහරණය වන පරිසරවල දී දුර්ලභ හා සීමිත වේ. ඒ වෙනුවට, එය එකිනෙකට වෙනස් ඛනිජ වර්ග 270 කට වඩා ප්‍රමාණයක් සමග සංයෝග වී පවතී. ඇලුමිනියම් වල ප්‍රධාන ලෝපස වනුයේ බොක්සයිට්.


පරිගණක වෛරස (Computer virus) - Protect Your Computer


පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය
      වෛරස යන පදය බහුලව නමුත් වැරදියට, විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය.

දියමන්ති (Diamond)


දියමන්ති යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.
      ඉතා අපූර්ව, සිත් ගන්නා සුළු ප්‍රකාශ ගති ලක්ෂණ දියමන්තිවල පවතී. එමෙන්ම දියමන්ති සෑදී ඇති අතිශයින්ම දැඩි දැලිස(සම්බන්ධතා ජාලය) හේතුවෙන් බෝරෝන්, නයිට්‍රජන් වායුව වැනි ඉතා සුළු වර්ගයන්හි අපවිත්‍රකාරක මගින් එය අපවිත්‍ර වේ. දියමන්ති පුළුල් පාරදෘෂ්‍යතාවයකින් යුක්ත බැවින් ස්වභාවික දියමන්ති වැඩි ප්‍රමාණයකට පැහැදිලි, වර්ණ රහිත පෙනුමක් ලැබී ඇත. කුඩා ප්‍රමාණයේ ඇද කුද, ඌණතා හෝ අපද්‍රව්‍ය මගින් දියමන්ති නිල්(බෝරෝන්), කහ(නයිට්‍රජන්), දුඹුරු(දැලිසේ අඩු පාඩු), කොළ(විකිරණ නිරාවරණය), දම්, රෝස, තැඹිලි හෝ රතු පැහැගැන්වේ. එමෙන්ම දියමන්තිවල සාපේක්ෂව විශාල ලෙස පවත්නා ප්‍රකාශ විසරණය හේතුවෙන් එහි ප්‍රභාව ලක්ෂණය ඉස්මතු වේ. දියමන්තිවල ඇති අනර්ඝ ප්‍රකාශ ගුණ සහ යාන්ත්‍රික ගුණත්, කාර්යක්ෂම අලෙවිකරණයත් සංකලනය වීම තුළ දියමන්ති මැණික් ගල් අතුරින් වඩාත් ප්‍රසිද්ධත්වයක් උසුලයි.
     පොළොව තුළ වැඩිම ස්වභාවික දියමන්ති ප්‍රමාණයක් අඩංගු වී ඇත්තේ ඉතා අධික පීඩන සහ අධික උෂ්ණත්ව තත්වයන් යටතේ පොළොව මතුපිට සිට ගැඹුර කිලෝමීටර 140ත් 190ත් අතරය. ලෝහ අඩංගු කාබන් මගින් කාබන් ප්‍රභවය සපයන අතර වර්ධනය අවුරුදු බිලියන 1 සිට අවුරුදු බිලියන 3.3 දක්වා කාලයක් පුරා සිදුවෙමින් පවතී. දියමන්ති පොළොව මතුපිට උපද්දවනු ලබන්නේ ගැඹුරු ගිනිකඳු විදාරණය වීමෙන් පසු සිසිලනය වන ගින්නෙන් සෑදුනු ගල් මගිනි. තවත් ආකාරයකට බලන කල දියමන්ති අධික පීඩන සහ අධික උෂ්ණත්ව යටතේ ක්‍රියාවලියනට භාජනය කිරීමෙන්ද නිපදවා ගත හැකිය. 

Robotics Technology



රොබොටික්ස් යනු රොබෝවරුන් හා ප්‍රායෝගිකව ඔවුන්ගේ සැලසුම නිෂ්පාදනය හා යෙදීම පිළිබඳව වූ විද්‍යාව හා තාක්ෂණයයි. රොබොටික් සඳහා ඉලෙක්ට්‍රොනික් යාන්ත්‍ර විද්‍යාව හා මෘදුකාංග ගැන ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වන අතර තවත් බොහෝමයක් විෂයවල විශාල ප්‍රායෝගික දැනීමක් සමඟ සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයේ වැඩ කරන පුද්ගලයකු රොබොටිසිස්ට් (roboticist) ලෙස හඳුන්වනු ලැබේ.
      රොබෝවරුන්ගේ පෙනුම හා හැකියාවන් අතිශයින් විවිධ නමුත් සියලු රොබෝවරුන් යම් ආකාරයක ස්වයංක්‍රීය පාලනයක් යටතේ යාන්ත්‍රික චලනය විය හැකි ව්‍යුහයකින් යුක්ත වේ. රොබෝවරුන්ගේ ව්‍යුහය බොහෝ දුරට යාන්ත්‍රික වන අතර එය ප්‍රගතික දාමය ලෙස හැඳින්විය හැක. (එහි ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරේ අස්ථි පද්ධතියට සමාන වීම නිසා) දාමය සබැඳුම් (එහි අස්ථි) ඔදයන එහි මාංශ හා අංශක එකක හෝ කිහිපයක නිදහස චලන සන්ධිවලින් යුක්ත වේ.
     බොහෝමයක් නූතන රොබෝවරු තැනීමේදී විවෘත ශ්‍රේණි දාම භාවිතා කරයි. එහිදී එක් එක් සබැඳුම් එයට පසුව වූ එකක පෙර වූ එකට සම්බන්ධ වේ. මෙම රොබෝවරු ශ්‍රේණි රොබෝවරු ලෙස හඳුන්වයි. 

සිංහරාජ වනාන්තරය (Sinharaja Forest Reserve)



සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.
       ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.
       රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
     ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

විශ්ව ව්‍යාප්ත වියමන (WWW) - World Wide Web



වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් WEB) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන හැඳින්වෙන්නේ අධිපාඨ ලේඛන වශයෙන් වන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට අදිබැඳි යනුවෙන් හැදින්වෙන තාක්ෂණයක් භාවිතා කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකට ම ඵයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රවුසරය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.

               WEB සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විට්සර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ENQUIRB (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire withimn upkn Everything නමැති පොතට යොමු වූවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතට දිව යන්නකි. එම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුව ද හරයේ අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහර අදහස් Breners-lee ගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණය (semantic) බව ව්‍යාපෘතියෙන් දැක්වේ.

ගෞතම බුදුන් වහන්සේ (Gautama Buddha)



ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.

        බුද්ධත්වයට පත්වූ පසු 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.
        උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.

Audi - Luxury Cars


Audi  is a German automobile manufacturer that designs, engineers, produces, markets and distributes luxury vehicles. Audi is a member of the Volkswagen Group and has its roots at IngolstadtBavaria, Germany. Audi-branded vehicles are produced in nine production facilities worldwide.
          The origins of the company are complex, going back to the early 20th century and the initial enterprises (Horch and the Audiwerke) founded by engineer August Horch and two other manufacturers (DKW and Wanderer), leading to the foundation of Auto Union in 1932. The modern era of Audi essentially began in the 1960 s when Auto Union was acquired by Volkswagen from Daimler-Benz. 

Visit     : www.audi.com