ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.
බුද්ධත්වයට පත්වූ පසු 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.
උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.
Source : www.wikipedia.org
0 comments:
Post a Comment