වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් WEB) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන හැඳින්වෙන්නේ අධිපාඨ ලේඛන වශයෙන් වන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට අදිබැඳි යනුවෙන් හැදින්වෙන තාක්ෂණයක් භාවිතා කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකට ම ඵයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රවුසරය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.
WEB සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විට්සර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ENQUIRB (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire withimn upkn Everything නමැති පොතට යොමු වූවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතට දිව යන්නකි. එම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුව ද හරයේ අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහර අදහස් Breners-lee ගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණය (semantic) බව ව්‍යාපෘතියෙන් දැක්වේ.
Source : www.wikipedia.org
0 comments:
Post a Comment