ඇලුමිනියම් යනු සංකේතය Al ද පරමාණුක ක්‍රමාංකය 13 වූ ද බෝරෝන් කාණ්ඩයට අයත් රසායනික මූලද්‍රව්‍යයකි. එය රිදීවන් සුදු, මෘදු, තන්‍ය ලෝහයකි. ඇලුමිනියම් තෙවන බහුලතම මූලද්‍රව්‍යය (ඔක්සිජන් හා සිලිකන් වලින් පසු) වන අතර පෘථිවි කබොලෙහි බහුලතම ලෝහය ද වේ. එය පෘථිවියේ ඝන පෘෂ්ඨයෙහි ස්කන්ධයෙන් 8% ක් පමණ සපුරාලයි. ඇලුමිනියම් ලෝහය රසායනික ව ඉතා ප්‍රතික්‍රියාශීලී වන බැවින් පියවි නිදර්ශක උපරිම ඔක්සිහරණය වන පරිසරවල දී දුර්ලභ හා සීමිත වේ. ඒ වෙනුවට, එය එකිනෙකට වෙනස් ඛනිජ වර්ග 270 කට වඩා ප්‍රමාණයක් සමග සංයෝග වී පවතී. ඇලුමිනියම් වල ප්‍රධාන ලෝපස වනුයේ බොක්සයිට්ය.
Source : www.wikipedia.org
0 comments:
Post a Comment