ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන උපදේශක රහස් පරීක්ෂකයෙකි.
1887 ප්‍රකාශනයක මුලවරට දකින්නට ලැබුන හෝම්ස්, ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකථා 56ක් තුල දිගහැරෙයි. මුල්ම නවකතාව ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක්, බීටන්ගේ නත්තල් වාර්ෂිකය නම් සගරාවේ 1887 කලාපයේත්, දෙවැන්නවූ, සිව්දෙනාගේ සලකුණ, ලිපින්කොට්ගේ මාසික සගරාව නම් සගරාවේ, 1890දීත් ප්‍රකාශයට පත් විය. 1891දී, “බොහිමියාවේ අර්බුධය”න් ආරම්භකර ස්ට්‍රෑන්ඩ් සගරාවේ පලවූ ප්‍රථම කෙටි කතා මාලාව සමග මෙම චරිතයට ඇති ජනප්‍රියත්වය විශාල ලෙස වර්ධනය විය; එතැන් පටන් 1927 දකවා කාලය තුල එයාට බැදුන තවත් කෙටිකතා මාලාවක් සහ නවකතා දෙකක්ද පලවිය. 1880 සිට 1914 දක්වා කාලය පුරා මෙම කතා මාලාව දිවෙයි.
Source : www.wikipedia.org
0 comments:
Post a Comment