5/11/2017

ශ්‍රී ලංකාව (Sri Lanka)



ශ්‍රී ලංකාව , නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.
         ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග්-එෙතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද  ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව  ලෙස හඳුන්වනු ලැබිණි. කෙසේනමුදු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය පරාජය කිරීමත් සමග තීරණාත්මක අයුරින් නිමාවට පත්වූ තිස් අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් පලුදුවීමට ලක්විය.

0 comments:

Post a Comment