4/10/2017

යූ ටියුබ් (YouTube)



යූ ටියුබ් යනු 2005 පෙබරවාරි මස දී පේපෑල් සාමාජිකයන් තිදෙනෙක් විසින් නිමවන ලද වීඩියෝ හුවමාරු වෙබ් අඩවියකි.2006 න් පසු ගූගල් ආයතනයට හිමිව ඇති යූ ටියුබ් භාවිතයෙන් වීඩියෝ දර්ශණ පට උඩුගත කිරීම් නැරඹීම් සහ වීඩියෝපට හුවමරු කරගැනීම් සිදුකල හැක.කැලිෆෝනියාවේ සැන් බෲනෝ හි පවත්වගෙන යන මෙම ආයතනය සතුව ඇඩෝබි ෆ්ලෑශ් විඩියෝ සහ HTML5 තාක්ශණය භවිතයෙන් කරනලද ,රූපවහිනී දර්ශනපට සහ සංගීත වීඩියෝපට,කෙටි නව වීඩියෝපට,අධ්‍යාපනික වීඩියෝපට සහ ආධුනිකයන් විසින් ඉදිරි පත් කරනද නිර්මාණ ද ඇතුලත් වේ.
යූ ටියුබ් හී විශාල ප්‍රමාණයක් තනි පුද්ගලයන් විසින් උඩුගත කරන ලද වීඩියෝපටද,සංස්‍ථාපිත ආයතන වන CBS,BBC,Vevo,HULU වැනි ආයතන උඩුගත කරන ලද විඩියෝපටද, යූ ටියුබ් සාමජික වැඩසටහන් කොටස් ලෙසද අඩංගු වේ.ලියපදිංචි නොවූ සාමාජිකයින්ට විඩියෝපට නැරඹීමට ද,ලියාපදිංචි වූ සාමාජිකයින්ට අසීමිත ප්‍රමණයක් විඩියෝපට උඩුගත කිරීමටද මෙමගින් අවස්ථාව සලසා ඇත.වැඩිහිටියන්ට පමණක් වූ දර්ශන වයස අවුරුදු 18 සම්පූර්ණ බව සනාථ කල හැකි සාමාජිකයින්ට පමණක් නැරඹිය හැක.ගූගල් ආධාර වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට මෙම යූ ටියුබ් LLC ආයතනය මිලට ගෙන ඇත.

Source : www.wikipedia.org
Visit     : www.youtube.com

0 comments:

Post a Comment