ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රවුසරයකි. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්කිට් ලේඅවුට් එන්ජිම යොදාගත් අතර 28 වැනි සංස්කරණයේ සිට වෙබ්කිට් පාදක කරගත් බ්ලින්ක් ලේඅවුට් එන්ජිම භාවිතා කරයි. මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි. එහි පළමු ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි. Stat Counter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.
2008 සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ කේත විශාල කොටසක් ක්‍රෝමියම් නමැති විවෘත කේත මෘදුකාංගයක් ලෙස නිදහස් කෙරිණි.
Developer : Google Inc
Type : Web Browser / Mobile Browser
Written in : C++
|
4/09/2017
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment